ඔන්න යාළුවනේ දිග නිහැඬියාවකින් අනතුරුව බඹරා ආයෙත් ආවා ඔයාලව බලන්න. මම මුලින්ම කිව්වනේ මම ඉන්නේ “වදයක් නොවන්නට” කියලා, ඉතින් ඒකයි වැඩිය පේන්න ආවෙ නැත්තෙ 🙂

නෑ ඇත්තටම මේකයි වුණේ බඹරගේ විශ්වවිද්ය්‍යාල ජීවිතේ අන්තිම විභාගේ තිබුණා පහුගිය මාස එක හමාරක් පුරාවට. ඉතින් හරියට පාඩම් කරන්නත් කාලය මදි නිසා බ්ලොග් ලියන්න වෙලාවක් තිබුනේ නැ. බඹරා කලේ වදේ කුටියකට වෙලා පාඩම් කරපු එක.

ඇත්තටම බඹරාගෙ ජීවිතේ ලස්සනම, සුන්දරම, වටිනාම, වචනවලින් කියල මිල කරන්න බැරි අත්දැකීම් සම්භාරයක් ලබාගත්ත ඒ කාල පරිච්ඡේදය නිමාවට පත් වුණා (ඒ ගැන මෙහෙම භාගෙට ලියන්න බැහැ.මම වෙනම ඒ ගැන ලියන්නම් යාළුවනෙ). ඒත් ඉතින් තාම වැඩ නම් ඉවර නෑ. Reports හදන වැඩ, වෙන විභාග, තව එකී, මෙකී, නොකී වැඩ ඉතුරුයි ඒවා ඉවරවෙන්න තව ටික දවසක් යාවි. ඊලගට බඹරා ඉක්මණටම ‍රැකියාවක් හොයාගන්නත් ඕන. මොකද සම්පූර්ණ කරන්න, ලඟා කරගන්න වැදගත් ඉලක්ක ගොන්නක් බඹරාගේ ජීවිතේ තියෙන නිසා. අපි හැමදේම හරියට කරන්න එපැයි?මේ හැමදෙටම මට සහයෝගය, ධෛර්යය දීලා මා ලඟින්ම මගේ පුංචි සහකාරියත් ඉන්නවා. එයා තමයි මගේ ජීවිතේ.

එහෙනම් යාළුවනේ තව නිර්මාණ එක්ක ඔයාලව මුණ ගැසෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා 🙂

Advertisements