බ්ලොග්කරණයට අලුත් සාමාජිකයෙක් වුණ මට මේකෙ කෙරෙන ගොඩක් දේවල් ගැන දැනුම හුඟක් අල්පයි. ඉතින් මගේ යාලුවනේ මගේ මේ blog සම්බ්න්ධ වැඩේදි මටත් මගේ blog එක ඔයාලගේ වගේ ලස්සන, ආකර්ශණීය blog එකක් කරගන්න කොච්චර ආස වුනත්, වුවමනාව තිබුනත් ඒකට මගේ කාර්ය බහුල කමත් එක්ක බ්ලොග්කරණය ගැන හොඳ අධ්‍යනයක් කරන්න වෙලාව වෙන් කරගන්න ගොඩක් අමාරුයි. ඉතින් බඹරා ඔයාලගෙන් බොහෝම ආදරයෙන් උදව් බලාපොරොත්තු වෙනවා.

දැන් ඔයාල බලාවි මේ කොහෙද යන බඹරෙක් වදයක් උස්සන් ඇවිත් අපිට මල වදේ කියලා. අපෝ නෑ යාලුවනේ. ඔයාලා කැමති නම් විතරක් පොඩි උදව්වක් දීල යන්නකෝ. මං මට උද්ගත වුණ ප්‍රශ්ණ කීපයක් කියන්නම්

1. මට බ්ලොග් එකේ ලියන අකුරු වල font size එක මීට වඩා ලොකු කරගන්න ඕන. ඒක කරන්නේ කොහොමද?

2. මම සමහර blogs වල දැක්කා followers කියල වෙනම කට්ටියක් ඉන්න බව.ඒ මොකද්ද?

3. මම සමහර blogs වල posts වලට comments දාන්න ගියාට, ඒ comments ගන්නේ නෑනේ? ඒ ඇයි?ඒ comment කරන්න බැරි සියලුම blogs, blogspot භාවිතයෙන් ලියපුවා. මම වගේ wordpress භවිතයෙන් ලියලා තියෙන blogs වල comment කරන්න පුලුවන්. ඉතින් බිඟුවා, Raven වගේ යාලුවො එහෙම මාත් එක්ක තරහා වෙලාද දන්නෙත් නෑ එයාලා? එයාල මට comments දීලත් මම සද්ද නෑ කියල?

4.) මේ මගේ blog පි‍ටුව තවත් ලස්සන කරගන්න මාත් ආසයි. ඒවටත් විශේෂ උපක්‍රම තියෙනවානම් මට කියල දීලා යන්න අමතක කරන්න එපා.

ආ…යාලුවනේ මට තව විශේෂම කරුණක් කියන්න ඕන. මට…ඒ කියන්නේ බඹරාට මේ blog ලියන අදහස දුන්නේ බඹරාගේ මලයි! ඒත් එයාට මම මේ ගැන කිව්වේ නෑ (සමහරවිට දැනගෙනද දන්නෙ නෑ?). එයාව මේ වෙලාවෙ මම ගොඩාක් ආදරයෙන් මතක් කරනවා..මොකද ඒ මගේ ජීවිතේ නිසා!

හරි ඉතින් දැන් බඹරා පුල පුලා බලා ඉන්නවා ඔයාලගෙන් උපදෙස් ලැබෙනකල්….

ස්තුතියි!
මීට බඹරා…..